දේශීය

විදෙස් ආයෝජන ගැන හෙළිදරව්වක්

ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන මේ වසරේ මේ දක්වා වූ කාලය තුළ රටට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේ ඉලක්කය සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයක් මෙරටට ගෙන්වීම බවය.

 

“මේ වසරට අපිට දීලා තියෙන ඉලක්කය, අයෝජන මණ්ඩලයට දීලා තියෙන ඉලක්කය ඩොලර් බිලියනයක්. දැන් අපි ඉන්නේ මේකේ පළමු කාර්තුවේ. දැනට අපිට ඩොලර් මිලියන 701ක ආයෝජන ඇවිල්ලා තියෙනවා මුදල්. අපි පළමු කාර්තුවේ මෙහෙම කරලා තියෙනවා. දැනට මගේ ළඟ තියෙනවා ගිවිසුම් අත්සන් කරන්න ඩොලර් මිලියන 280ක චීන ව්‍යාපෘතියක්. පරණ වාහන ගෙනල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන එකක්. ඒ වගේම ඩොලර් මිලියන 250ක කොරියානු ආයෝජනයක් තියෙනවා පිත්තල ආශ්‍රිත ව්‍යාපෘතියක්. මේ දෙක එකට කරපුවාහම අපි ටාගට් එක පනිනවා පළමු මාස 5ට. ඒ වගේම ඩොලර් බිලියන 1.6ක පිරිපහදුවක් එනවා හම්බන්තොටට. ඒ වගේම අපි ත්‍රිකුණාමලයේ කරන්න තියෙන සංවර්ධනය එක්ක. මට පේන විදියට අපිට දීලා තියෙන්නේ ඩොලර් බිලියනයක් වුණාට අපිට ඩොලර් බිලියන 3කට වගේ යන්න පුළුවන් තත්ත්වයක් පේනවා.”

 

Related posts

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට උපදෙස්

Mohamed Dilsad

මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන තෙක් මහාධිකරණයෙන් රාජිත රඳවා ගනී.

Editor O

Leave a Comment