දේශීය

වෙළෙඳ භාණ්ඩ අපනයන ඩොලර් බිලියනය ඉක්මවයි

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන පසුගිය ජුලි මාසයේ දී ඩොලර් බිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

 

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තයන්ට අනුව මෙම වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය ජූලි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1027.2ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

එය සියයට 2.18ක වැඩිවීමක් බව ශ්‍රි ලංකා රේගු වාර්තා පෙන්වා දෙයි.

 

කෙසේවෙතත් එය පසුගිය වසරේ ජුලි මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 11.79ක අඩුවීමකි.

 

අපනයන නිෂ්පාදනය සදහා විශේෂයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සදහා පවතින ඉල්ලුම අඩුවීම හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ අපනයනය පහත වැටී ඇති බව අනුමාන කෙරේ.

 

මේ අතර මෙම වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය සඳහා සේවා අපනයන වල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1228.17කි.

 

එය 2022 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 17.32ක වැඩිවීමක් බව දැක්විය හැකිය.

Related posts

තවත් කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment