දේශීය

පුරාවිද්‍යාඥයින්ට ව්‍යවස්ථාවක් සැකසීමේ සූදානමක්

පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවය.

 

“අපි බලාපොරොත්තු වෙනවා මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරනවා. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින්ගේ එකක් අපි බලාපොරොත්තුවෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. හදලා මේ විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුැරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය ආයතනවල පුරාවිද්‍යාඥයෙක් නෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී එවැන් වැඩපිළිවෙළකුත් කරන්න. එ් වගේම එ් පුරාවිද්‍යා උපාධිධාරීන්ව එවැනි ස්ථානවල ස්ථානගත කරන්න.”

 

මේ අතර ලන්දේසීන් විසින් මෙරටින් රැගෙන ගිය ඵෙතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් යළි ලබාදීමට නෙදර්ලන්තය ඊයේ (28) නිල වශයෙන් එකඟතාවකට පැමිණතිබේ.

 

Related posts

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

Mohamed Dilsad

හිටපු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසියි – පාර්ලිමේන්තු මහ ලේකම්

Editor O

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment