දේශීය

දුම්රිය ගැන අලුත් කතාවක්

2017 වසරේ ස්ථාපිත කළ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් දරුණු රිය අනතුරු සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අක්‍රීය වී ඇති බව දුම්රිය මාර්ග හා සංඥා උප දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා සඳහන් කළේ, මේ වන විට අක්‍රීය වූ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති බොහෝ සංඛ්‍යාවක් යළි අලුත්වැඩියා කර ඇති බවය.

 

“හරස් මාර්ග ආරක්ෂණ පද්ධති කියල කියන පද්ධතිවල දෙසීයකින් 94ක් ක්‍රියාවිරහිතයි කියන වාර්තාවක් තිබුණා. ඒකෙන් රුපියල් මිලියන පන්සියයක අලාභයක් වෙලා තියෙනවා කියලා. මේ පද්ධතිය සවිකරේ ඇත්තටම 2017 දී. මේක අවුරුදු දෙකක් හෝ දෙකට වැඩි ගාණක් තුළ සවිකරපු පද්ධති ප්‍රමාණයක්. හැබැයි ඊට පස්සේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. එදා 94ක් ලෙස සඳහන් වෙච්ච පද්ධතිවලින් දැන් පද්ධති 47ක් වගේ යම් තත්ත්වයකට අපි දියුණු කරගෙන තියෙනවා. ඒ කියන්නේ බිඳවැටුණු පද්ධති 47ක් වගේ තමයි තියෙන්නේ. ඒකෙන් පද්ධති 20ක් විතර තියෙනවා අපේ සංඛ්‍යා ලේඛනවලට අනුව තදබල මාර්ග අනතුරු හින්දා හානිවෙච්ච පද්ධති. ඒ වගේම ගංවතුර නිසා හානිවෙච්ච පද්ධති. ඒවා නිවැරදි කරන්න යම්කිසි කාලයක් ගතවෙනවා. ඒවාට අවශ්‍යප කරන බඩු ඇණවුම් කරලා තියෙනවා. පඒවා ගෙන්න ගන්න අවශ්‍යයයි. ඒ වගේම පද්ධති තවත් 27ක් අපි අඳුනාගෙන තියෙනවා.ඒවා උපාංග ලැබුණ වහාම නිවැරදි කරගන්න පුළුවන් තත්ත්වයන්. දැනට ඒ පද්ධති 94ක් කියලා හඳුනාගත්තා. දෝෂ සහිත පද්ධතිවලින් විශාල ප්‍රමාණයක් නිවැරදි කරලා තියෙනවා. ප්‍රධාන හේතුව වුණේ බැට්රි අක්‍රීය වීම.”

Related posts

උතුරු-දකුණු ජනහදවත් ජයගෙන, රිෂාඩ්ගේ පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්වූ සභිකයන් 140 දෙනෙක් දිවුරුම් දෙති.

Editor O

ධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

කැන්ගරු කැබ්ස්, මගීන් සමග එක් වී, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක

Editor O

Leave a Comment