දේශීය

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

හලාවත පොලිස් වසමේ නිවසක් තුළ පුද්ගලයෙකු පිළිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (27) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ ඉලිප්පදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගිනිගෙන මියගොස් සිටින බවට ලැබුණ දුරකථන පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

 

ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46ක් වූ පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

 

මියගොස් ඇති පුද්ගලයා වසර තුනක පමණ සිට සහෝදරියගේ නිවසේ එක්තැන්ව සිට ඇති අතර සහෝදරිය නිවසේ නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුවී තිබේ.

 

මෘතශරීරය හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සුදානම්

Mohamed Dilsad

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

“අගමැති ඉල්ලා අස්වීම හොඳම විසඳුම,තීරණය අගමැති අතේ”

Mohamed Dilsad

Leave a Comment