දේශීය

පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි

බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.

 

උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.

 

1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.

 

එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ.

 

එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී.

 

කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත.

 

මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතුවෙයි.

 

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 60,000 ඉක්මවයි

Mohamed Dilsad

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment