විදෙස්

ලොව කැලඹූ වැග්නර් නායකයා මියගිහින්

රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී අනතුර සිදුවී ඇති බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව සඳහන්ය.

 

මේ වන විට අදාළ යානයේ මළසිරුරු අටක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය.

 

කෙසේවෙතත් පසුව ඔහු විසින් රුසියානු හමුදා සිය විශ්වාසය කඩ කළ බව පවසමින්, රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ද එම කුලී හේවායින් කටයුතු කර තිබුණි.

Related posts

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් නැවතත් සාකච්ඡාවට අත දිගුකරයි

Mohamed Dilsad

ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment