දේශීය

හානි වූ වගාබිම් ඩ්‍රෝන තාක්ෂණයෙන් නිරීක්ෂණය 25 වනදා සිට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ වගා බිම් සම්බන්ධයෙන් හානි තක්සේරු කිරීම සඳහා ලබන 25 වනදා සිට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ, මේ මස 31 වනදා වනවිට හානි තක්සේවරුව අවසන් කර වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාර දීමට සැලසුම් කර ඇති බවය.

 

“මේ අවස්ථාවේ දී නියඟයෙන් හානියට පත් ගොවි මහත්වරුන්ට කිසිදු අසාධාරණයක් නොවෙන්න මේ හානි තක්සේරුව කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් බිම් මට්ටමින් කරනවා. ඊට අමතරව අපි මේ 25 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ක එකතුවෙලා ඩ්‍රෝන යානා යවලා හානි වෙච්ච ප්‍රදේශවල හානිය පිළිබඳ තවත් නිවැරදි ඇස්තමේන්තු ඉදිරි දින ඇතුළත අපි කරලා අවසන් කරනවා. මම විශ්වාස කරනවා අගෝස්තු 31 වන විට සියලුම හානි පරීක්ෂා කරලා ඉවර කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ හානි වුණ කුඹුරු ගැන වාර්තාවක් හදලා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරලා, ගොවීන්ට සිදුවු හානියට වන්දි ගෙවීමට අපේක්ෂා කරනවා.”

 

නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර එක්දහස් දෙසිය තිහක වගා බිම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පණ්ඩුක වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

Mohamed Dilsad

MCC සමාලෝචන කමිටු අවසන් වාර්තාව අගමැති වෙත

Mohamed Dilsad

Leave a Comment