දේශීය

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

 

එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවය.

 

“පහුගිය අවුරුදු 3 අයිස් භාවිතයේ වැඩිවීමක් ලංකාව තුළ තිබුණත් දැන් මේ මාස 6 ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලුදෙනාම පිළිඅරන් තියෙනවා. පොලිස් වාර්තාවලින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවලින්, පාසල් පද්ධතියෙන් තොරතුරු එකතු කරලා බැලුවහම අපිට පේනවා පාලනයක් තියෙන බව. කිසිසේත් පාසල් පද්ධතියට මේ අයිස් මත්ද්‍රව්‍ය පැමිණීම කියන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. හැබැයි පාසල්වල තියෙන ගැටලුව තමා දුම් නොනගින දුම්කොළ යම් ශිෂ්‍යයින් පිරිසක් අතර භාවිතයක් තියෙනවා. ඒ දුම්කොළ කටේ තියාගෙන ඉන්න එකත් ඉතාමත්ම හානිදායකයි. ඒක තමා දොරටුව අනෙකුත් මත්ද්‍රව්‍යවලට යන්න. ඒ නිසා පාසල් පද්ධතිය තුළට අයිස්, හෙරොයින් ආවේ නැතත් හුඟාක් වෙලාවට දුම්කොළ වගේ දේවල්වලින් පටන් ගත්තහම ඔවුන් පාසලෙන් පිටව ගොස් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ නැඹුරුතාවය වැඩිවෙනවා.”

Related posts

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

‘ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට’ – සතියට මාසෙට තෙල් දෙන හැටි මෙන්න

Mohamed Dilsad

Leave a Comment