දේශීය

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

 

එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවය.

 

“පහුගිය අවුරුදු 3 අයිස් භාවිතයේ වැඩිවීමක් ලංකාව තුළ තිබුණත් දැන් මේ මාස 6 ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලුදෙනාම පිළිඅරන් තියෙනවා. පොලිස් වාර්තාවලින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවලින්, පාසල් පද්ධතියෙන් තොරතුරු එකතු කරලා බැලුවහම අපිට පේනවා පාලනයක් තියෙන බව. කිසිසේත් පාසල් පද්ධතියට මේ අයිස් මත්ද්‍රව්‍ය පැමිණීම කියන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. හැබැයි පාසල්වල තියෙන ගැටලුව තමා දුම් නොනගින දුම්කොළ යම් ශිෂ්‍යයින් පිරිසක් අතර භාවිතයක් තියෙනවා. ඒ දුම්කොළ කටේ තියාගෙන ඉන්න එකත් ඉතාමත්ම හානිදායකයි. ඒක තමා දොරටුව අනෙකුත් මත්ද්‍රව්‍යවලට යන්න. ඒ නිසා පාසල් පද්ධතිය තුළට අයිස්, හෙරොයින් ආවේ නැතත් හුඟාක් වෙලාවට දුම්කොළ වගේ දේවල්වලින් පටන් ගත්තහම ඔවුන් පාසලෙන් පිටව ගොස් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ නැඹුරුතාවය වැඩිවෙනවා.”

Related posts

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

Mohamed Dilsad

අභියාචන ඉදිරිපත් කළ රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

Leave a Comment