දේශීය

වගා හානි තක්සේරු කිරීමත් අපහසු වී ඇති බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

පවතින නියං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉතිහාසයේ ඉහළම වගා හානි ප්‍රමාණය මෙම වර්ෂයේ දී ගෙවීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පැවසුවේ සිදුව ඇති වගාවන්ට සිදුව ඇති හානිකර තත්ත්වය තක්සේරු කිරීමට ද අසීරු තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවය.

 

වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති කෘෂි ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

 

“රටේ විශාල ප්‍රශ්නයකට අපි මුහුණදෙනවා. ‍ආහාර හිඟයකට අපිට යම් මට්ටමකට යෑමේ අවධානමක් තියෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපි දැන්ම රටින් හාල් ගේන්න ඕනේ නෑ. මොකද ගිය කන්නය අපිට සාර්ථක වුණා. අපේ ගොවියන්ට පිංසිද්ධ වෙන්න එහෙම කතාවක් දැන්ම ඕනේ නෑ. අවශ්‍යම වුණොත් විතරක් අපි ගෙන්වමු. මොනවා හරි කන්න දෙයක් ගෙදර හදා ගන්න. ඒක රහ ද ගුණ ද කියන එකට වැඩිය මොනවා හරි පැළවෙන දෙයක් හදා ගන්න. මොකද ඉස්සරහට තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ. මේ එල්නිනෝ තත්ත්වය නිසා සම්පූර්ණයෙන් කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. හැමදාම ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැන්නා කියලා වැඩික් නෑ. අපි බලන්න ඕනේ මොනවා හරි දෙයක් වගා කරගන්න.”

 

මේ අතර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඩයරබා ජලාශය විවෘත කර එහි මංගල දියවර නිකුත් කර තිබේ.

 

උමා ඔයේ අතු ගංඟාවක් වන මාතැටිල්ල ඔය හරස් කරමින් ඩයරබා ප්‍රදේශයේ මෙම ජලාශය ඉදිකර ඇති අතර මෙහි සිට උමං මාර්ගයෙන් කරදගොල්ල දක්වා ජලය රැගෙන යාමට සැලසුම් කර තිබේ.

 

එම ජලය ප්‍රධාන වශයෙන්ම ජල විදුලිය නිපදවීමට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරිමට නියමිත බව සඳහන්ය.

 

ව්‍යාපෘතියේ ඩයරබා ජලාශය විවෘත කර එහි මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු වාරි මාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

 

“මේ ව්‍යාප්තිය නවත්වන්න ප්‍රශ්න ආවා. සමහර දේශපාලන පක්ෂ මේ දිහා බැලුවේ හරිම පටු විදියට. අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවලා විසඳුම් දෙන්න අපිට පුළුවන් වුණා…”

 

මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශව උත්සහ දැරු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදි පැවසුවේය.

 

 

Related posts

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

Mohamed Dilsad

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment