දේශීය

අන්තරේ පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් ටවුන්හෝල් හිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර එක් විරෝධතා පාගමනකට කිරුළපනදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

 

පසුව එම පිරිස නුගේගොඩ දක්වා පැමිණ නාවල විවෘත විශ්වවිද්‍යාලය භූමියට ඇතුළුවී විරෝධතාවය අවසන් කර තිබේ.

 

ටවුන්හෝල් ප්‍රදේශයේදී ද පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ඉල්ලකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබූ අතර එහිදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇති බව වාර්තා වෙයි.

 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණි.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment