විදෙස්

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

හවායි හි මාවි දුපතේ පැතිරයන ලැව් ගිනි හේතුවෙන් 36 දෙනෙක් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා විය.

 

එම දූපත තුළ ලැව්ගිනි වේගයෙන් පැතිරයන බව සඳහන් වෙයි.

 

වේගයෙන් හමායන සුළඟ හේතුවෙන් හානිය වැඩිවී ඇති බවත් මේ වනවිට එහි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බවත් වාර්තා වෙයි.

 

එම දූපත තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර දූපත්වාසීන් විශාල පිරිසක් ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑමට බලධාරීන් කටයුතු කර තිබේ.

Related posts

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල්, කර්මාන්තශාලා වසයි

Mohamed Dilsad

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

Leave a Comment