දේශීය

පවුල් ආරවුලෙන් ජීවිත දෙකක් අහිමිවෙයි

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

 

ඊයේ (07) රාත්‍රී කාලයේදී නුවරඑළිය පොලිස් වසමේ ටොප්පාස් ප්‍රදේශයේ යුවළක් නිවස තුළ වෙඩි වැදී මියගොස් ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් සැමියා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වුණි.

 

මරණකරු වයස අවුරුදු 28ක් වන අතර, මරණකාරිය වයස අවුරුදු 26ක් වන ටොප්පාස්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

Mohamed Dilsad

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරියකට , මාලිමාවේ මැර කණ්ඩායමක් පහර දීලා…

Editor O

Leave a Comment