විදෙස්

පාකිස්තානයේ දුම්රියක් පීලිපනී – 25ක් මරුට

පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

 

ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

රාවල්පිණ්ඩි සිට පැමිණි හසාරා අධිවේගී දුම්රිය මෙසේ පීලි පැන ඇත්තේ නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.

 

අනතුරින් දුම්රිය මැදිරි අටක් පීලි පැන ඇති අතර තවදුරටත් දුම්රිය මැදිරි තුළ මගීන් සිරව සිටින බව සඳහන්ය.

 

ඒ අනුව පාකිස්තාන සහන කණ්ඩායම් විසින් මේ වන විට එම ස්ථානයේ විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම් අදයි.

Mohamed Dilsad

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

Leave a Comment