විදෙස්

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම් අදයි.

(UTV| ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එරට වේලාවෙන් අද (18) උදෑසන 8ට පමණ ඡන්ද විමසීම ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 16.4 ක් වේ.

මෙම මැතිවරණය සඳහා පාලක ලිබරල් සන්ධානය සහ එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ඉදිරිපත්ව සිටින ප්‍රධානතම පක්ෂ දෙක බව සඳහන්.

තෙවන වරටත් ඔස්ට්‍රේලියාවේ පාලන බලය අපේක්ෂා කරමින් අගමැති ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් පාලක ලිබරල් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.

ඒ අනුව පාලක ලිබරල් සන්ධානය මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ ධූර කාලය තවත් වසර 6කින් දීර්ඝ වන අතර බිල් ෂෝර්ට්න් ගේ නායකත්වයෙන් යුත් වාමාංශික මතධාරී කම්කරු පක්ෂය මෙවර මැතිවරණයේදී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වන බව එරට විචාරකයින් පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 ක් සඳහා මෙවර මහ මැතිවරණයෙන් සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

 

Related posts

ඔක්ස්ෆර්ඩ් එන්නතට එංගලන්ත ඖෂධ අධිකාරියේ අනුමැතිය

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයට

Mohamed Dilsad

Leave a Comment