ක්‍රීඩාදේශීය

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය අද (24) කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වෙයි.

 

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

 

ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංක ව මෙම තරගය සඳහා කැඳවා ඇති අතර මෙය දිල්ශාන් මධුශංක ගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

 

මෙම ටෙස්ට් තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම….

 

දිමුත් කරුණාරත්න (නායක)

නිශාන් මධුෂ්ක

කුසල් මෙන්ඩිස්

ඇන්ජෙලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

ධනංජය ද සිල්වා

සධීර සමරවික්‍රම

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

දිල්ශාන් මධුශංක

 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්තානයට හිමිවිය.

Related posts

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායක තීරණය

Editor O

හමුදාව බාරයේ තිබූ , උතුරු – නැගෙහිර ඉඩම් අක්කර 672ක් නිදහස් කරයි

Editor O

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment