දේශීය

සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 

එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ කළේ, පසුගිය 18 වනදා විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ශිෂ්‍යයින් අතර ඇතිවු මතභේදාත්මක තත්ත්වයකට ඔවුන් සම්බන්ධ බවට සාක්ෂි ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

 

ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම ශිෂ්‍යයින් 14 දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

 

සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ආචාර්ය සහ මහාචාර්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.

 

එහි වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස තමා උපදෙස් දුන් බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලොව රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට සංචාරක උපදෙස්

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

Mohamed Dilsad

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment