දේශීය

බදුරලියෙත් වෙඩිතැබීමක්

බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යයම රාත්‍රියේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.

 

වෙඩිතැබීමෙන් බදුරලිය මිදලන ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

 

ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කළුතර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 

වෙඩිතැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර එම ගිනිඅවිය සමග වෙඩික්කරු වන බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි ‘රෝස බට්ටා’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

 

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ආගම මුල්කරගෙන පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට, වෛරය, ජාතිවාදය වපුරන්න එපා – පොහොට්ටුවෙන් ජනාධිපතිට දැනුම්දීමක්

Editor O

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

Mohamed Dilsad

යුක්රේනය ආක්‍රමණය – ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි

Mohamed Dilsad

Leave a Comment