දේශීය

නව පනතෙන් බැංකු තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්

සෑම බැංකුවක්ම තැන්පත්කරුවන්ගේ තැන්පත් වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

“බැංකු විශේෂ විධිවිධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායිකරණයට ඉතාම වැදගත්. මොකද්ද මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව. වෙනදාට වඩා ශක්තිමත් නීතිමය රාමුවක් හදලා දෙන එක විශේෂයෙන්ම කරන්නේ. අපේ රටේ බැංකු තැන්පත්කරුවන් ඉන්නවා පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක්. මේ අයගේ මුදල් තියෙනවා රු ත්‍රිලියන 15ක්. මෙන්න මේක ආරක්ෂා කරගන්න ඕනේ. පහුගිය දිනවලත් තිබුණේ මේ තැන්පතුවල ආරක්ෂාව ගැනනේ මහා ආන්දෝලනයක්. අපි දැක්කා බොහෝවිට මුල්‍ය ආයතන අසීරුවට පත්වුණාම තැන්පතුකරුවන් මුහුණදෙන තත්ත්වයන්. මේ අලුත් පනතින් වෙන්නේ මුල්‍ය ආයතනයක ස්ථායිතාවය යම් ආකාරයකට අඩුවෙනවා නම් එදාට වඩා ඍජුව මහ බැංකුවට වහාම ඒකට මැදිහත් වෙන්න පුළුවන්. ඊට වඩා ඍජු වැඩපිළිවෙලක් මහ බැංකුවට ඒකට යොදන්න පුළුවන්. වැදගත්ම දේ හැම බැංකුවක්ම තමන්ගේ තැන්පතුකරුවන්ගේ තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කර ගැනීම අනිවාර්ය කරනවා මේ පනත මඟින්. ඒ තුළින් බැංකු තැන්පතුකරුවන් ඉතාම ආරක්ෂාකාරී තැනකට පත්වෙනවා තමන්ගේ තැන්පතු සම්බන්ධයෙන්…”

 

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙම පාර්ලිමේන්තු සතියේ දී පැවැත්වීමට නියමිතය.

Related posts

අදත් පැය 2යි විනාඩි 20යි විදුලිය නැහැ

Mohamed Dilsad

ගතවූ පැය 72ට, ආපදාවලින් 46 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

රටේ ප්‍රශ්න විසඳන තුරු කිසිදු දේශපාලකයෙකුට අද සිට VIP සේවා නෑ

Mohamed Dilsad

Leave a Comment