දේශීය

රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවය.

 

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බව විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත.

 

එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම කාලය කා දමන නිරර්ථක ක්‍රියාවක් බැවින් සමගි ජන බලවේගය එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

ඊට අමතරව විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටුවේ තීරණය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රටේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුත්තන් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

 

මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය උදෙසා පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම සිය සත්භාවයෙන් යුක්තව දායකත්වය ලබාදිය හැකි බවද විපක්ෂනායකවරයා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

මැතිවරණය සඳහා මනාප අංක නිකුත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

Mohamed Dilsad

විපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment