Trending News

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

(උදයම්,කොළඹ)  –  ජාතික රණවිරු සැමරුම් උත්සවය අද  (19) දින පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීහු ද, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගිවීමට නියමිතය.
දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද මෙහිදී පැවැත්වේ.
ජාතික රණවිරු උත්සවය නිමිත්තෙන් අද  (19) පස්වරු 2.00 සිට 6.00 දක්වා පාර්ලිමේන්තු පාර සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද පොලීසිය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

Related posts

“Corruption, crime, drugs are main challenges for every country” – President

Mohamed Dilsad

வெடி பொருட்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

ஜனாதிபதி வெளியிட்ட வர்த்தமானி அறிவித்தலுக்கு இடைக்கால தடை உத்தரவு

Mohamed Dilsad

Leave a Comment