දේශීය

සජබයේ අලුත්ම සුදානම

රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ එහි සභාපතීත්වය සංශෝධනය කරන ලෙස දන්වමින් කතානායකවරයා වෙත ඉල්ලීමක් සිදුකිරිමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

 

ඒ අනුව අදාළ ඉල්ලීම මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේ දී සිදුකිරීමට පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

 

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය.

 

“ඒ කණ්ඩායම ම තමා මේ රට බංකොලොත් කළේ. ඒ රජය යටතේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහු සමග හිටිය නිලධාරීන්, පී. බී. ජයසුන්දර ලේකම්වරයා, මහ බැංකු අධිපති ලෙස නිවාඩ් කබ්රාල්, ඒ අය තමා ආර්ථික ඝාතකයෝ. ආර්ථික ඝාතකයෝ හොයන්න කමිටුවක් පත්කරලා ඒ කමිටුවේ සභාපති විදියට සාගර කාරියවසම් සහ හිටිය ලොක්කෝ කමිටුවේ පත්කරනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් ද? ඒ නිසා ලබන සතියේ පාර්ලිමේන්තුව තියෙන කොට අපි කතානායකගෙන් ඉල්ලීමක් කරනවා මේක වෙනස් කරන්න කියලා. මේක විසඳාගන්න නම් මැතිවරණයක් ඕනේ. එහෙම නැතුව අපි කොච්චර මේ කණ්ඩායම එක්ක උත්සාහ කළත් මේක හරියන්නේ නෑ.”

 

විශේෂ කාරක සභාවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කරතිබු මාධ්‍ය හමුවේ දි මෙලෙස ප්‍රතිචාර දැක්විය.

Related posts

විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය

Mohamed Dilsad

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

Mohamed Dilsad

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment