ක්‍රීඩාදේශීයවිදෙස්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

 ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

 

එමිරේට්ස් ගුවන් සේවයේ අයත් ගුවන් යානයකින් ඔවුන් අද (09) උදෑසන දිවයිනට පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

 

එසේ පැමිණි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී එම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Related posts

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

ඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්

Editor O

ත්‍රිවිද හමුදාවෙන් පළා ගිය සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

Leave a Comment