දේශීය

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

 

එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බව ය.

 

“පසුගිය කාලයේ දී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ඉහළ නංවලා තිබුණා රුපියල් 50,000 වගේ දැඩි ප්‍රමාණයකට. නමුත් ගාස්තුව අවලංගු කරලා මේ වන කොට අපේ කර්මාන්තකරුවාගේ කාර්මාන්තය තියෙන දුර ප්‍රමාණය අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අවමය රුපියල් 15,000ක් සහ උපරිමය රුපියල් 35,000ක් වන නව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවක් අපි හඳුන්වා දීලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින්. සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මධ්‍ය පරිසර අධිකාරියට පාඩුවක් සිදුනොවන ආකාරයට ඒ වගේම කර්මාන්තකරුවන්ට සහනයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කරලා තියෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

අග්‍රාමාත්‍යවරයාගෙන් වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

ඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.

Editor O

”මැතිවරණය” පාසල් විෂය මාලාවට

Editor O

Leave a Comment