දේශීය

ජූනි මාසේ ලැබුණු ඩොලර් ගැන හෙළිදරව්වක්

2023 ජුනි මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 475යි ද‍ශම 7ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

මැයි මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 479යි දශම 7ක් ලෙස වාර්තා වී තිබිණි.

 

කෙසේ වෙතත් පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂ ව මෙම වසරේ දී සැලකිය යුතු අගයකින් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

 

2022 වසරේ ජුනි මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 274යි දශම 3ක් ලෙසයි.

 

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2822යි දශම 6ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

Related posts

හිටපු ඇමති පී. හැරිසන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Editor O

මෙවර ඇසළ පෙරහරට අලි ඇතුන් අඩු වෙයි

Mohamed Dilsad

ගෝල්ෆේස් අරගලකරුවන් විපක්ෂ නායක සජිත් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment