ක්‍රීඩාදේශීය

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමත් සමග 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාවය.

 

එළැඹෙන ඔක්තෝබර් 5වනදා ඉන්දියාවේදී ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දින 46ක් පුරා ක්‍රීඩාංගණ 10කදී පැවැත්වීමට නියමිතය.

 

ඒ වෙනුවෙන් රටවල් 10ක් ක්‍රීඩා කරන අතර තරගාවලියට තරග 48ක් ඇතුළත්ය.

 

එම රටවල් 10 වන්නේ ඊයේ සිය ස්ථානය තහවුරු කරගත් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අවස්ථාව දිනාගන්නා අනෙක් කණ්ඩායමය.

 

ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග ආරම්භ කරමින් ඔක්තෝබර් 7 වනදා දකුණු අප්‍රිකාව සමගත්, ඔක්තෝබර් 12 වනදා පාකිස්තානය සමඟත්, ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාව සමඟත් ක්‍රීඩා කිරීමට නියමිතය.

 

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සිය ස්ථානය හිමිකරගන්නා අනෙක් කණ්ඩායම සමග ඔක්තෝබර් 21 වනදා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වනදා එංගලන්තයට එරෙහිවත්, ඔක්තෝබර් 30 වනදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්, නොවැම්බර් 02 වනදා ඉන්දියාවට එරෙහිවත් තරගවදිනු ඇත.

 

නොවැම්බර් 6 වනදා බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 09 වනදා නවසීලන්තයට එරෙහිවය.

Related posts

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

චිචීගේ රොකට්ටුව ගැන නාමල් කතා කරයි

Editor O

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment