දේශීය

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ ?

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව මෙතෙක් රජයේ අවදානය යොමුවී නොමැති බව පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ යෝජනාව සිය අමාත්‍යංශයට ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවය.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බැවින් අදාළ ආයතන නැවත කැඳවීම සඳහා වු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

 

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

අදාළ පනත් කෙටුම්පත මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඉදිරියේ දි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

 

අනතුරුව අදාළ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර එහි නීතිමය වලංගුභාවය පිළිබඳව සොයාබලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පතක් ලෙස සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

 

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවකින් අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යයනය කිරීමට නියමිතව තිබේ.

 

මෙම ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

වැලිබල් පවර් සහ විදුලිබල මණ්ඩලය ගිවිසුමකට අත්සන් තබයි

Mohamed Dilsad

පොලිස්පති තනතුර කාටද ?

Mohamed Dilsad

Leave a Comment