ක්‍රීඩාදේශීය

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

තරග පරාජයවීම පිළිබඳ ක්‍රීඩාලෝලීන් සේම තමන් ඇතුළු කණ්ඩායමද දුක් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානය හමුවේ ඊයේ (27) ලද ටෙස්ට් තරග පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ දුර්වල පිතිකරණයක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 166කට දැවී ගියේය.

 

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 5ක් දැවි ලකුණු 576 ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවා නැවත පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුනි.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ඇරඹුවේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 410ක් රැස් කරගත යුතුව තිබූ පසුබිමකය.

 

නැවතත් තම වගකීම් කොටස හරියාකාරව තේරුම් නොගෙන ප්‍රාථමික පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 188ක් පමණි.

 

ඒ අනුව පාකිස්තානය තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජයගත් අතර එම ජයග්‍රහණය වාර්තා අතරට එක්වූයේ පාකිස්තාන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ දැවැන්තම ටෙස්ට් ජයග්‍රහණය ලෙසය.

 

ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී සහභාගිවූ පළමු තරගාවලිය 2ට 0ක් ලෙස පරාජයට පත්වුණි.

 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න,

 

“මේක ක්‍රීඩාවක්. ජය පැරදුම දෙකම තියෙනවා. මැච් පැරදෙනකොට අපිට දුකයි. රට නියෝජනය කරමින් සෙල්ලම් කරලා පරදිනකොට අපිට තමයි වැඩියෙන්ම දුක දැනෙන්නේ. නමුත් අපි බලන්නේ ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න. ක්‍රිකට් කියන්නේ මෙතැනින් නරත වෙන දෙයක් නෙමෙයි. අපිට වැරදුණු තැන් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. මීට වඩා ගොඩක් හොඳ රටවල් පරාජය වෙලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් ලොකු විප්ලවයක් කරලා තියෙනවා. ඒ දේවල් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. නැතුව කාටවත් මුහුණ දෙන්න බැරුව ඔළුව පහළට දාගෙන යනඑක නෙමෙයි. අපි ඉස්සරහදි තීරණ ගන්න ඕනේ.”

Related posts

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

Mohamed Dilsad

වාහනවලට පැනවූ බදුවලින් ආදායම වැඩි වුණා – නියෝජ්‍ය ඇමති අනිල ජයන්ත

Editor O

Leave a Comment