දේශීයවිදෙස්

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.

 

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

 

ඉන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් ය.

 

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

අම්ෆන් සුළි කුණාටුව නිසා මිය ගිය පිරිස 84 දක්වා ඉහළට

Mohamed Dilsad

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment