විදෙස්

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

අද (20) උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් එයට ගිනිතබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

 

ස්වීඩනයේ දී කුරානය ගිනිතැබීමට විරෝධය පළකරමින් ඔවුන් එසේ සිදුකර ඇති බව සඳහන් ය.

 

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ස්වීඩන් විදේශ අමාත්‍යංශය පැවසුවේ එහි කාර්යය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවය.

 

මෑතකදී ස්වීඩනයේ දී කුරානය ගිනිතබා තිබුණු අතර ඉදිරි සතිවලදීද එවැන්නක් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

ඉරාකයේ විරෝධතා පවත්වා ඇත්තේ ඊට එරෙහිවය.

 

එරට ප්‍රබල ෂියා පූජකයෙක් වන මුක්ටාඩා සදාර් විසින් මෙම විරෝධතා කැඳවා තිබුණි.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

Editor O

සෞදියේ ගින්නකින් 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment