දේශීය

ලියාපදිංචි අපරාධකරුවෙක් සිරකඳවුරෙන් පළායයි

පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේවලදී සිරභාරයෙන් පළා ආ බව පවසා තිබේ.

 

මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා ඇති බව පසුව අනවරණය වූ බව පොලීසිය පැවසීය.

 

සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

 

Related posts

මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් දීම ගැන ඇසූ ප්‍රශ්නයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සට උත්තර නැතිවෙයි.

Editor O

මානව හිමිකම් ප්‍රතිසංස්කරණයන් සඳහා රජයේ අවධානය

Mohamed Dilsad

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

Editor O

Leave a Comment