දේශීය

පළාත් පාලන ආයතන ගැන ආ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

විසුරුවා දමා ඇති පළාත් පාලන ආයතන නැවත ස්ථාපනය කිරීමට ගන්නා රජයේ උත්සාහය නීතිවිරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අදාළ යෝජනාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත්කර තිබුණි.

 

ඒ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇතිවූ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එය “කපුටු ව්‍යාපෘතියක්” බවය.

 

ඒ සම්බන්ධයෙන් අධිකරණයට යන බවද ඔහු පැවසීය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැවසුවේ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විපක්ෂයට නිදහස ඇති බවය.

Related posts

ගිවිසුමේ සඳහන් කරුණු ඉටුකරනවාදැයි බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනියා ලංකාවට

Editor O

බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment