විදෙස්

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර තිබේ.

 

එම ස්ථාන වසා දැමීම සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

 

කාන්තාවන් සඳහා තලෙයිබාන් පාලනය විසින් පැනවූ නවතම කොන්දේසිය ලෙස මෙය සැලකේ.

 

2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ආරම්භ වීමත් සමග කාන්තා නිදහස සීමා වූ අතර ඔවුන් සඳහා විවිධ කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබුණි.

 

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පැවති 1996 – 2001 කාලය තුළ ද රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර 2001 වසරෙන් පසුව ඒවා ක්‍රමයෙන් යළි විවෘත වී තිබු බව සඳහන්ය

Related posts

දකුණු කොරියානු ජනාධිපතිවරණයට ජනතාව අතර දැඩි උනන්දුවක්

Mohamed Dilsad

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

Mohamed Dilsad

කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment