දේශීය

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් ඒ තුළින් සිදුකිරීමට නියමිතයි.

 

ඒ අනුව සියලූම සූදු ක්‍රීඩා ක්‍රියාකාරුවන්ට බලපාන ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.

 

එම නියාමන ආයතනය ඇති කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිප්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

 

Related posts

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් කරයි.

Editor O

වළදමා තිබූ කන්ටේනර් සිද්ධිය ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment