විදෙස්

මෝදි අමෙරිකාවේ සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ සංචාරයක නිරත විය.

 

ඒ අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබූ තෙවැනි ඉන්දීය ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

 

මේ අතර ඔහු වොෂින්ටන්හී දී ඉන්දීය ඩයස්පෝරාව අමතා තිබේ.

 

වොෂින්ටන්හි පැවති එම උත්සවයට ඉන්දීය වැසියන් සිය ගණනක් එක් ව සිටි අතර එහි දී අගමැති මෝදිට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

 

එහිදී අගමැති මෝදි පවසා ඇත්තේ අහමාබාද් සහ බෙංගලූරු යන නගරවල අමෙරිකානු තානාපති කාර්යාල දෙකක් විවෘත කිරීමට අපේක්ෂා කරන බවය.

 

එමෙන්ම ඉන්දීය ශ්‍රමිකයින්ට පහසුවෙන් වීසා ලබාගැනීමට අමෙරිකාව කටයුතු සම්පාදනය කරනු ඇති බව අගමැති මෝදි පවසා තිබේ.

 

 

Related posts

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

Mohamed Dilsad

ඉරාන ජනධිපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ඩුබායි සති දෙකකට Lockdown කරයි

Mohamed Dilsad

Leave a Comment