දේශීය

නිවසේ තනිව සිටි කාන්තාව අභිරහස් ලෙස මරුට

කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇතිබව පොලීසිය පවසයි.

 

එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදී එම සිරුර හමුවී තිබුණි.

 

ඇය දින කිහිපයකට පෙර මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

 

42 හැවිරිදි එම කාන්තාව නිවසේ තනිව ජීවත් වී ඇති බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

කැලණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment