දේශීය

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

 

ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එක් සංශෝධනයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාදීම සිදුවූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

 

බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බව එහිදී අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබේ.

 

මෙම ක්‍රියාවලිය මගින් අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බව ද ඔහු පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.

 

 

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන්ගෙන් 33 % ක්ම අවුරුදු 41 – 50 ත් අතර

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment