දේශීය

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කෙරේ

රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකරන ලද කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබේ.

 

ඒ අනුව වරායට පැමිණි පළමු මගී නෞකාවේ සිටි සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම අද (16) පෙරවරුවේ සිදු කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේය.

 

ඉන්දියාවේ සිට පැමිණි එම්.වී එම්ප්‍රරස් නම් අදාළ සුඛෝපභෝගී නෞකාවෙන් මගින් 800දෙනෙකු පැමිණ තිබුණි.

 

නව මගී පර්යන්තය තුළ මගීන් 200දෙනෙකු සඳහා එකවර පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි.

 

සතිපතා මෙවැනි ඉන්දීය සුඛෝපභෝගී මගී නෞකාවක් සහ මගී යාත්‍රා ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරාය දක්වා ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව සකස් කර ඇති බව ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

පාන් ආඥා පනත අවලංගු කෙරේ

Mohamed Dilsad

ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි ඩයනාට ගමගේට එරෙහිව නඩුවක්

Editor O

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

Mohamed Dilsad

Leave a Comment