දේශීය

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දෙයි

දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

 

පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිත අතර අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට එහිදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

 

එමෙන්ම පසුගිය පළමු වනදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය විපක්ෂයේ යෝජනාවක් මත ලබන 22 වනදා පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

 

විපක්ෂය ගෙනආ යෝජනාවකට අනුව එම විවාදය පැවැත්වීමට තීරණය වී ඇති බව මහලේකම්වරිය සඳහන් කළාය.

Related posts

ඉන්ධන මිල වැඩි කරන්න ලෙස කබ්රාල්ගෙන් ලිපියෙක්

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් සහල් තොගයක් අද මෙරටට

Mohamed Dilsad

Leave a Comment