දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මඟින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

 

එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන සහිතව ඒකමතිකව සම්මතයි

Editor O

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment