දේශීය

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් අදාළ ගිවිසුම් අවසන්වීමෙන් පසු නැවතත් එම සමාගම භාරයට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 

නෞකා සමාගම්වලට 2011 වර්ෂයේදී නිකුත් කර, මෙතෙක් බාරදී නොමැති ගිනිඅවි අතුරින් 13ක් අස්ථානගතවී ඇති අතර ඊට ස්වයංක්‍රීය ගිනිඅවි 04ක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 03ක් ඇතුළත් වන බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වන දිනෙන් අවසන්වී ඇති බැවින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

 

මේ අතර රංගල සහ ගාල්ල පාවෙන අවි ගබඩාවලින් ලැබිය යුතු රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වසර 07කට වැඩි කාලයක් තිස්සේ අය කරගෙන නොමැති බවද විගණන වාර්තාවේ දැක්වෙයි.

 

රක්නා ලංකා ආරක්ෂක සමාගම, දේශීය හා සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම විධිමත් කළමනාකරණයට හා පාලනයට, සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීම කෙරෙහි කළමනාකාරිත්වයේ අවධානය යොමුවී නොමැති බවද විගණන අංශවලට තොරතුරු අනාවරණයවී තිබේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

Mohamed Dilsad

Leave a Comment