දේශීය

කුඩු සළිඳුගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘කුඩු සළිඳු’ නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 21 කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

එම පෙත්සම අද (06) අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 21 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

 

නීතීඥවරයෙකු මාර්ගයෙන් ගොනුකර තිබෙන අදාළ පෙත්සමේ සඳහන්ව තිබෙන්නේ මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘කුඩු සළිඳු’ නැමැත්තාගේ ජීවිතයට දැඩි අවධානම් සහගත තත්ත්වයක් ඇති වී ඇති බවය.

 

එබැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සමක් ගොනුකර තිබේ.

 

 

Related posts

අංගොඩ ලොක්කාට සහය දුන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment