දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය.

 

දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

 

අද දින (06) දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Related posts

මාස ගණනකට පසු මෙල්බර්න් වෙත ගොඩබැස්වූ පළමු යානය ලෙසට ශ්‍රී ලංකන් පත්වෙයි

Mohamed Dilsad

විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Mohamed Dilsad

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment