දේශීය

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

 

මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ පළමු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර අනතුරුව අප්‍රේල් මස 25 වනදා නම් කෙරුණි.

 

කෙසේවෙතත් අප්‍රේල් මස 25 වන දිනට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයක් හේතුවෙන් මෙවර ද ඡන්ද විමසීම කල් යනු ඇති බව වාර්තා වේ.

 

මුදල් ලබා නොදීම හේතුවෙන් මේ දක්වා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම මෙලෙස මැතිවරණය කල්යාමට හේතුවනු ඇති බව සඳහන් ය.

 

එහෙත් මේ දක්වාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කොමිසම නිල නිවේදනයක් නිකුත් කර නෑ.

 

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවනු ඇති බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

Related posts

අද A-9 සහ A-6 ප්‍රධාන මාර්ගවලත් විරෝධතා

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවලට සභිකයන් පත් කිරීම පිළිබඳ එජාපය තීරණයක් ගනී

Editor O

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment