ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ නවසීලන්ත ඉනිම ලකුණු 274කට සීමා විය.

 

ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ආරාධනයෙන් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුනි.

 

ඒ අනුව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 274කි.

 

එම ඉනිම වෙනුවෙන් ෆින් ඇලන් ලකුණු 51, රචින් රවීන්ද්‍ර ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 47ක් ලබා ගත්තේය.

 

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූ අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලීය.

 

Related posts

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

පකිස්තානයෙන් නව ලෝක වාර්තාවක්

Mohamed Dilsad

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment