දේශීය

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

එම නම් පහතින් දැක්වෙයි,

 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම

ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී

සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)

හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

 

 

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් ඉහත සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බවද නිවේදනය කරයි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ලබාදෙනවාදැයි රජය දැඩි අවධානයෙන්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

Leave a Comment