දේශීය

අතරමංවූ සංචාරකයින්

වෘත්තීය සංගම් අද (15) දිනයේ ගෙන තිබෙන ක්‍රියාමාර්ග හමුවේ දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින් රැසක් අපහසුතාවයට පත්වී සිටින බව අප වාර්තාකරුවන් පවසයි.

 

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ මාසයක පමණ කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින සංචාරකයින් පිරිසකි.

 

ප්‍රංශ සහ රුසියානු ජාතිකයින් පිරිසක් මෙලෙස නුවරඑළියට පැමිණ සිටි අතර ඔවුන් අද දිනයේ දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

 

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද වර්ජන ක්‍රියාවලිය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බවය.

Related posts

මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් දිවයිනට

Mohamed Dilsad

“මම සාමය සඳහා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා”

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ව්‍යාජ රන් බන්දේසිය ගැන පුළුල් විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment