දේශීය

ඉන්ධන සැපයුම ගැන අනපේක්ෂිත තීරණයක්

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

 

ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි.

 

ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව දැක්වෙයි.

 

ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මන්නාරම උප්පුක්කුලම් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදයි

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment