Trending News

අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවෙයි

මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ.

 

2020 වසරේදී ඉන්දියාවේ කොයිම්බතූර්හි දී ‘අංගොඩ ලොක්කා’ මියගිය අතර ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ අංශය විසින් පසුගියදා එරට අධිකරණයට වාර්තාවත් ඉදිරිපත් කර තිබුණි.

 

එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට ද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබේ.

 

ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වූ ‘අංගොඩ ලොක්කා’ 2020 ජුලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි.

 

රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඔහු මියගිය අතර මරණය සැකසහිත බවට වාර්තා පළවී තිබුණි.

 

ඒ අනුව එරට ආරක්ෂක අංශ විසින් අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවය.

Related posts

Dravid, Ponting, Taylor inducted into ICC Cricket Hall of Fame

Mohamed Dilsad

வைத்தியர் ஷாபி பிணையில் விடுதலை

Mohamed Dilsad

Climate change: Central banks warn of financial risks in open letter

Mohamed Dilsad

Leave a Comment