දේශීය

බිත්තර ගැන බලන්න සභාපති ඉන්දියාව ට

ඉන්දියාවේ සිට බිත්තර ආනයනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

 

පසුගිය සිකුරාදා දිනයේ ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

 

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් වන වාර්තාව සහ ආනයනය ප්‍රමාද වීම සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ.

 

මෙරට බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළ අතර එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට නියමිතය.

 

කෙසේවෙතත් අදාළ බිත්තර සඳහා ඉන්දීය සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ප්‍රමිති වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

 

එම නිසා අදාළ බිත්තර තොගය ආනයනය කිරිම ප්‍රමාද වී ඇති අතර ඒ පිළිබඳව ඝෘජුවම සොයාබලා කඩිනමින් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඉන්දියාව වෙත ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

Related posts

මතින් මත්වී තිබහට කළුතෙල් පානය කළ පුද්ගලයා රෝහලේ

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment